ධනයට අධිපති ලක්ෂ්මිය නමදිමු
විජයසිරි විද්‍යාරත්න - පාදුක්ක
සිරි පියුම්, නිල් කමල්, පියු කමල් වෙනුqකල්, කම ලම්බා, යනාදී නම්වලින් හඳුන්වනු ලබන ලක්ෂ්මිය නොහොත් සිරිකත පූර්වයෙහි විෂ්ණු දෙවියන් මන්දර කිරි මුහුද කලඹන කල්හි පහල වූ චතුර්දශ රත්න අතුරින් පළමුවැනි රත්නය යි. විෂ්ණු දෙවියන්ගේ භාර්යාව යි. විෂ්ණු දෙවියන්ගේ උරෙහි වාසය කරයි. පියුමෙක වසන්නීය යි ද කියති. පද්ම වනය යෑයි ද ඇතැම් තැනෙක සඳහන්වෙයි. එහෙයින් ඇය පද්මා, පද්මාලයා යනාදී නාමයනුදු හැදින්වේ.
අලංකාර ලෙස හැඳ පැළඳ වරලස මනාව පිරි මල්මාලා, චාමර සහිතව මල් දොරකින් පෙර දිගින් ඇය වඩින බව සමහර තැන්වල සඳහන් වේ. යම් කිසිවෙක් ධන ධාන්‍ය සම්පතින් සරුවේද ඔහු අසල සිරිකත සිටිතියි කියති. ඇය දේව කන්‍යාවක් ලෙසද හැඳින්වෙයි. සම්පතට භාග්‍යයට , ශ්‍රි සමෘද්ධියට, ශෝභාවට, යස ඉසුරට, දැකුම්කලු බවට අධිපතිනිය වශයෙන් සැලකෙන ලක්ෂ්මි දෙවඟන පිදිමට හින්දු බැතිමත්තු ද බෞද්ධයෝ ද බොහෝ කාලයක සිට පුරුදුව සිටිති. ඇතැම් දේවස්ථානවල ලක්ෂ්මී දෙවඟන වෙනුවෙන් කැපවුනු දේවාල ද ඇත. ශුභ කටයුතු ආරම්භයේදී ලක්ෂ්මී දෙවඟනට පූජෝපහාර පැවැත්වීමට ද බොහෝ දෙනා කැමැත්තක් දක්වයි.
ලක්ෂ්මී අෂ්ටක
නමස්තේ" ස්තු මාහා මායෙ - ශ්‍රි පීඨෙ සුර පූජිතෙ
ශංඛවක්ර ගදා හසේත - මහා ලක්ෂ්මි නමොස්තු තෙ
නමස්තෙ ගරුජා රූඪෙ - කොලාසුර භයංකාරී
සර්ව පාප හරෙදෙවී - මහා ලක්ෂ්මී නමොස්තු තෙ
සිද්ධි බුද්ධී පුදෙ දෙවී - භුක්ති මුක්ති ප්‍රදායිනී
මන්ත්‍ර මුර්තෙ සදා දෙවී - මහා ලක්ෂ්මි නමොස්තු තෙ
ආද්‍යන්ත රහිතෙ දෙවි - ආද්ය ශක්ති මහෙශ්වරි
යොගජෙ යොග සංභූතෙ - මහා ලක්ෂ්මි නමොස්තු තෙ
ස්ථුල සූක්ෂම මහා රෞද්‍ර - මහා ශක්ති මහොදරෙ
මහා පාප හරෙ දෙවි - මහා ලක්ෂ්මි නමොස්තු තෙ
පද්මාසන ස්ථිතෙ දෙවි - පර බ්‍රහ්ම ස්වරූපිණි
පරමෙශ ජගන්මාතා - මහා ලක්ෂ්මි නමොස්තු තෙ
ශේවතාංබර ධරෙ දෙවි - නානාලංකාර භූෂිතෙ
ජගත් ස්ථිතෙ ජගන්මාතා - මහා ලක්ෂ්මි නමොස්තුතෙ
මහා ලක්ෂ්මිෂ්ටක ස්ත්රොත්රං - යං පඨෙද් භක්ති මාන්නරා
සර්ව සිද්ධි මාවාප්නොති - බෞගවත්වංච සර්වදා
ලක්ෂ්මී කන්නලව්ව
සාධුෘ සාධු ෘෘ සාධු ෘෘෘ සකල ලෝක ශ්‍රී සෞභාග්‍යයට අධිපති වූ , ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේ උරමඬල නැමති මන්දිරයෙහි වාසය කරන්නා වූ, ක්ෂිර සාගරයෙන් පහළ වූ චතුර්දශ රත්න අතුරින් පළමුවැනි රත්නය වූ, ශ්‍රී ලක්ෂ්මී දිව්‍යාංගනාවන් වහන්ස, ඔබතුමිය දෙවියන්ගෙන් පිදුම් ලබන, දෙවියන් හා සමාන වන කෝපය දුරහැර ශුද්ධ සත්ව ස්වරූපයෙන් සිටින බව සත්‍යවාදී සැබෑ නම් මේ කන්නලව්ව, දිවනෙතින් දැක දිව කනින් අසා, දැන හෝ නොදැන හෝ සිදුවුණු දහසක් වැරැදි ඇතොත් ඒ සියල්ලටම මේ ගැත්තන්හට සමාවී කමාවී, මොවුන් විසින් සැල කරනු ලබන්නා වූ කාරණා සර්වප්රකාරයෙන් ඉෂ්ට කර දී වදාරන සේක්වා.
තවද ශ්‍රී ලක්ෂ්මි දිව්‍යාංගනාවන් වහන්ස කමලම්බාව වූ පද්මයෙක වසන්නා වූ සකල ශ්‍රී සමෘර්ධිය සදා දෙන්නා වූ, ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේ ප්‍රිය භාර්යාව වූ, කෝපාදී දොaෂයන්ගෙන් මිදුනා වූ , සදා ක්ෂමා ගුණයෙන් යුතුව, සියලු දෙනාටම ශාන්තිය උපකාර උදා කර දෙන්නා වූ ගෘහයක් - ගෘහයක් පාසා වැදුම් පිදුම් ලබන්නා වූ භූතලයෙහිද, සුරලොවෙහිද සිරිතක වන්නා වූ ශ්‍රී ලක්ෂ්මී දිව්‍යාංගනාවන් වහන්ස, දොහොත් මුදුනේ තබා නමස්කාරයෙන් ඔබ තුමියට සැලකර සිටින කන්නලව්ව දිවනෙතින් බලා, දිව කනින් අසා මොවුන්ගේ සියලු බලාපොරොත්තු අභිලාසයන් සාධනය කර දෙන සේක්වාෘ
තවද සිරි, පියුම්, නිලූකමල්, පියුම්කල් ආදි නාමෝපාලක්ෂිත වු ශ්වේතාම්බර දරන්නා වූ නා නා ලංකාර භූෂිත ශ්‍රී සෞභාග්යාධිපති වූ සර්ව පාප නිවාරණය කරන්නා වූ, ඔබගේ ගුණ ගයන වයන, බැතියෙන් පූජෝපහාර දක්වන දනන්ගේ සිතුම් - පැතුම් ඉටු කරන්නා වූ ශ්‍රී ලක්ෂ්මී දිව්‍යාංගනාවන් වහන්ස ඔබ තුමියට සැල කර සිටින්නා වූ මේ කන්නලව්ව, මොවුන් අත වැරැද්දක් වී නම් සමාවී මොවුන්ගේ සකල අභිමතාර්ථයන් සර්වප්රකාරයෙන් සාර්ථක කර ගෙන සේක්වාෘ ඉෂ්ටකර දෙන සේක්වාෘ පිනට පිහිටට පින්ගන්නා සේක්වා, පස්වාන් දහසකට ආයුබෝවේවාෘ ආයුබෝවේවාෘෘ ආයුබෝවේවාෘෘෘ
සාකච්ඡා කළා - හරින්දි ලියනගේ